Skip to main content

Posts

හැම දේටම පිල් බෙදීම

අප රටේ සිට්න බොහෝ පිරිස් පුරුදු වී ඇත්තේ ඇති වන ඕනෑම කරුණක් සඳහා දේශපාලනය  ගාවා ගැනීමයි. ලොකු කුඩා ඕනෑම දෙයක සිට කාළගුණ විපර්යාස දක්වා සෑම දෙයක්ම දේශපාලන ඇසින් බලන්නට තරම් විද්වත් පිරිසක් මේ රටේ සිටී. මෙහි වාසි ලබන්නේද දේශපාලකයෝමය. එක් අතකට, පවතින බලය, වාසි පතා ගෙඹි පිණුම් පණින ගෙඹි රැලට වඩා කැපුවත් අහවල් පාට යයි කියා ගනිම්න්, ඉර පෙන්නවා එය බිබික්කමක් යයි කීවද පිළිගන්නා පිරිස් මොළය අතින් කෙසේ වෙතත්, ප්‍රතිපත්ති අතින් ඉදිරියෙන් සිටී නොවේද? මේ අයගේ ප්‍රතිපත්ති රැකීම තුලින් වාසි ලබන්නේ දේශපාලකයෝම වෙති. රූපවාහිනී ප්‍රවෘත්තියකින් පොල් බූරු කතාවක් කියා ආතල් දෙන්නේ මුලු රටටමය. කිසිදු වැදගත් කමක් ඇති දෙයක් පවසීමට එවුනට වෙලාවක් නැත. කියුවද එයද කිසිවෙකුට වගක් නැත. හැමෝටම අවශ්‍ය ආතල් එකම පමණි. ආතල් පිට ආතල් දෙන්නේ විවිධ චැනල් මගින් ප්‍රවෘත්ති තුලයි. ප්‍රවෘත්ති කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේද ආතල් සඳහාමය. ඔවුන්ද මාකට් කරන්නේ එයමය. එකෙක් පරයා එකෙක් කියන මී හරක් ආතල් විවිධාකරයෙන් ඇසේ.. ඒ ආතල් ලබමින් අප සුවසේ සිටින්නෙමු.. ඒ පැත්තෙන් මේ පැත්තට.. මේ පැත්තෙන් ඒ පැත්තට දෙස් දෙවොල් තියමින් ක...

අසහනකාරී රියදුරන්

අද රිය ධාවනය කරන සියලුම අය මෙම අසහනකාරී රියදුරන්ගේ ප්‍රශ්ණයට මුහුණදෙයි. සිග්නල් එලි පිලිබඳ කිසිදු තැකීමක් නොකරන ගෙදරින් දමාගත් සිග්නල් ඒලිය නැවත ක්‍රියා විරහිත නොකර ගමන් ගන්නා රියදුරන් නිසා මහමග ධාවනය කරන අනෙකුත් විනීත රියදුරන් මුහුණ දෙන්නේ දැඩි අපහසුතාවයකටයි.  බොහෝවිට ත්‍රීරෝද රථ රියදුරන් හා ඩිමෝ බට්ටන් මෙවැනි අාතල් දෙන්නන් වෙති. බොහෝවිට සන්සුන්ව රිය ධාවනය කිරීමට නාෙහැකි වන්නේ ද මෙවැනි අාතල් නිසාමය. විදුලි සංඥා ඒලි අසල නවතා අැති විට පසුපසින් හෝන් ඒක මත වාඩිවී අපගේ මල පැනීම පරීක්ෂා කරන අවිනීත චූන් කාරයන් සිතන්නේ කුමක් දැයි සිතා ගත නොහැකිය. රාත්‍රී කාලයේදී ප්‍රධාන විදුලි ඒලිය ඩිම් කිරීමට නොදන්නා අමනයින් බාෙහෝවිට අපට හමුවේ.  පුද්ගලික බස් රථ රියදුන් ගැන නම් කථා කළ යුතුම නැත. ඔවුන් මගීන් කෑලි ලෙස සලකා දඩයමේ යන උෟරු රැලකි. මෙවැනි අාතල් මැද රිය ධාවනය කිරීම නම් ඒපාම කරන කාරණයකි. දඩ මුදල් වැඩි කිරීමෙන් නම් මේ අසහනයට පිළිතුරු ලැබේයයි සිතීම අසීරුය. මෙය පූර්ව ළමාවියේ පටන් සංවර්ධනය කළ යුතු කරුණකි. කවදා නිදහසේ ගමන් කළ හැකි යුගයක් උදා වේදැයි සැකය.